Monday, April 29, 2024

General line - 0115112241

එන්නතක් සෑදුවත් කොරෝනාව අවධානමෙන් ගැලවෙන්න බැහැ : පෙන්ටගනය කියයි 




නව කොරෝනා වෛරසය මේ වන විට අමෙරිකාව තුල සිඝ්‍රයෙන් පැතිරි යාමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

මේ වන විට අමෙරිකාවේ ප්‍රාන්ත 19ක කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් 228 දෙනෙක් වාර්තා වන අතර ඉන් පුද්ගලයින් 49 දෙනෙක් අමෙරිකාවෙන් පිටතදී වෛරසයට ගොදුරුව තිබෙනවා. මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාව තුල ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10ක් වනවා.

අමෙරිකානු ආරක්ෂක මුලස්ථානය වන පෙන්ටගනය සඳහන් කලේ නව කොරෝනා වෛරසය සඳහා නිපදවන ප්‍රතිශක්තිකරණ එන්නත මගින් ඉදිරි සීත සෘතුවේදී යලි වෛරසයේ ඇතිවිය හැකි බලපෑමේ අවධානම අවම කළ හැකි නොවනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා. 

මේ අතර ඉන්දියාවේ ජනාධිපති නිවසේ පැවැත්වීමට සුදානම් කර තිබු සාම්ප්‍රදායික හෝලී උත්සවය අවලංගු කර තිබෙනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සඳහන් කර සිටියේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් තමන් ද ජනතාව වැඩි වශයෙන් ගැවසෙන රැස්වීම් වලට මෙන්ම කිසිදු හෝලි උත්සවයකට සහභාගී නොවෙන බවයි. 

මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාධිත පුද්ගලයින් 31 දෙනෙක් වාර්තා වනවා. මේ අතර හෝලි උත්සවයන් සඳහා සහභාගී නොවන ලෙසට ඉන්දීය රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කොරෝනා වෛරසය මේ වන විට ලොව රටවල් 85කට ව්‍යාප්තවී ඇති අතර වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව 97,000ක් වන අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3,300ක් වනවා.