Monday, April 29, 2024

General line - 0115112241

නව කොරෝනා වෛරසයෙන් ඉතාලියට දැඩි බලපෑම්




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේවනවිට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි.

ඒ අනුව එම වෛරසය ආසාදනය වීම නිසා ඊයේ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වුණා.

එම සංඛ්‍යාව 49 ක්. මෙම මරණ සංඛ්‍යාවත් සමග නව කොරෝනා වෛරසය නිසා ඉතාලිය තුළ සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව ද 197 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,636 ක්. 

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලිය තුළ මියගිය පුද්ගලයින්නේ බහුතරයක් වයස අවුරුදු 80 හි පසුවන පුද්ගලයින් වනවා.

එසේම ඔවුන් නිධන්ගත රෝගවලින් පෙළුනු පුද්ගලයින් බවයි අනාවරණ වී ඇත්තේ. එසේම මියගිය පිරිසගෙන් සියයට 72 ක ප‍්‍රතිශතයක් පමණ පිරිමි පුද්ගලයින් බව ද ඉතාලි සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා.