Sunday, May 5, 2024

General line - 0115112241

ඉකුත් ආණ්ඩු සමයේ රට ඇතුළට ආපු අමෙරිකානු ඩොලර් මිලියන 08ක සන්නිවේදන උපකරණ ගැන විමර්ශන




ශී‍්‍ර ලංකාවට රැගෙන විත් තිබෙන අමෙරිකානු ඩොලර් මිලියන 08ක් පමණ වටිනා සන්නිවේදන උපකරණ තොගයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

නියමිත ටෙන්ඩර් පටිපාටයෙන් බැහැරව ඉකුත් ආණ්ඩුව සමයේදී ඊශ‍්‍රාලයෙන් මෙම සන්නිවේදන උපකරණ තොගය ශී‍්‍ර ලංකාවට රැගෙනවිත් ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මෙවැනි ගණුදෙනුවකදී ලබාගත යුතු තාක්ෂණ ඇගයීම් වාර්තාවක් හෝ විද්වත් උපදේශනද මෙහිදී ලබා ගෙන නොමැති බවද වාර්තා වුණා. 

මිලදී ගැනීම් සිදු කර ඇත්තේ 2017වසරේදී ආරක්ෂක ආමාත්‍යංශය යටතේයි. ගණුදෙනුවට අදාල ගෙවීම්ද සම්පූර්ණයෙන් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් ආදාල උපරකරණ කිසිවක් මේ දක්වා භාවිතයට ගෙන හෝ අවම වශයෙන් ඒවයේ කවර ඉවත් කර හෝ නොමැති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

මෙම උපකරණ මිලදීගත් සමාගම මේ වන විට වසා දමා ඇතැයිද ඒ අනුව උපකරණ ආපසු භාර දී මුදල් අය කර ගැනීමටද නොහැකි වී ඇතැයිද වාර්තා වුණා. 

ප‍්‍රශ්ණගත මෙම ගණුදෙනුව සඳහා ඉහල පෙලේ දේශපාඥයකුගේ ඥාතී පුත‍්‍රයෙකුද යුද හමුදාවේ ඉහල පෙළේ විශ‍්‍රාමික නිලධාරීයෙකුද සම්බන්ධ බවටයි සැකකෙරෙන්නේ.