Thursday, May 9, 2024

General line - 0115112241

පොහොට්ටුවේ දිස්ති‍්‍රක් නායකයෝ නාමයෝජනාවලට අද අත්සන් තබති




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ දිස්ති‍්‍රක් නායකයන් එලබෙන මහ මැතිවරණය වෙනුවෙන් අද නාම යෝජනාවලට අත්සන් තැබීමට නියමිතයි. පොහොට්ටුව ලකුණින් මෙවර මහ මැතිවරණයට තරග කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මීට පෙර ප‍්‍රකාශ කළා. එහි දිස්ති‍්‍රක් නායකයන් නාම යෝජනාවලට අත්සන් තැබීමට නියමිතව ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජයරාමේ පිහිටි නිල නිවසේදියි.

මේ අතර මහ මැතිවරණය ස`දහා නාම යෝජනා භාර ගැනීම හෙට සිට ආරම්භවනවා. මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලබන අපේ‍්‍රල් මස 25වනදායි.