Thursday, May 9, 2024

General line - 0115112241

ජ'පුරේ සිසුවාගේ හිසට ටයරය අත්හැරිය ජෙෂ්ඨයා ඇතුළු 05 ක් පොලිස් භාරයට




ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුගේ හිසට ටයරයක් අත්හැරීමේ සිද්ධියට සම්බන්ධ එම සරසවියේ සිසුන් පස් දෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා මිරිහාන පොලිසිය, කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය සහ විශේෂ විමර්ශන අංශය විසින් එක්ව සිදුකළ විමර්ශනයකදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසියේ ජේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කලේ ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ පසිඳු හිරුෂාන් සිසුවාගේ හිස මතට ටයරය අත්හැරිය ජේෂ්ඨ සිසුවාද සිටින බවයි.

පොලිස් භාරයට ගනු ලැබූ පිරිසගෙන් මේ වන විට පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට සිදුකරන බවයි එම ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉකුත් 05 වැනිදා රාත්‍රියේ ජයවර්ධනපුර සරසවි භූමියේදී පැවැත්වූ උත්සවය අතරතුරදී මුහුණ දුන් අනතුරක් නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසර පසිඳු හිරුෂාන් සිසුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.