Wednesday, May 8, 2024

General line - 0115112241

සංචාරක වීසා හෙට සිට අවලංගුයි : ඉන්දීය රජය දැඩි තීරණයක් ගනියි




හෙට සිට අප්‍රේල් 15 වෙනිදා දක්වා සංචාරක වීසා ඔස්සේ සිය රටට ඇතුල්වීමට කිසිදු විදේශිකයෙක්ට අවසර නොදීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය හෙට පස්වරු 5.30 සිට බලපැවැත්වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිමට මෙම තීරණය ගත් බවයි ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් 60 දෙනෙක් සිටින බවට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද තහවුරු කර සිටියා.

රාජ තාන්ත්‍රික, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ රැකියා විසා හැර වෙනත් කිසිදු වීසා පහසුකමක් හෙට සිට අප්‍රේල් මස 1 වෙනිදා තෙක් නිකුත් කිරිමටයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය Harsh Vardhan ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ කමිටුව තීරණය කර ඇත්තේ.