Thursday, May 2, 2024

General line - 0115112241

රන්ජන්ගේ සාදයට අවසර නොලැබේ




හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සිය උපන් දිනය වෙනුවෙන් මාදිවෙල පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල නිවාස සංකීර්ණයේ පැවැත්වීමට නියමිතව තිබූ සාදය සඳහා අවසර ලබා නොදීමට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පියවර ගෙන තිබෙනවා.

ඊයේ (11) දිනයට යෙදී තිබූ රන්ජන් රාමනායක හිටපු මන්තී‍්‍රවරයාගේ උපන් දින සාදය වෙනුවෙන්  සිය දෙනෙකුට ආරාධනා කර තිබූ බවයි වාර්තා වන්නේ.

මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත්  කර ඇති බැවින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල නිවාස සංකීර්ණයේ එවැනි සාදයක් පැවැත්වීමට අවස්ථාව ලබාදිය නොහැකි බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල සදහන් කර තිබුණා.

එම සාදය පැවැත්වුවහොත් ඊට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසටයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ.