Thursday, May 2, 2024

General line - 0115112241

ලංකාව ඇතුළු රටවල් රැසකට සංචාරක තහනමක්




කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ප‍්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එරට අගනුවර වන වොෂින්ටන් නගරයත් පවතින්නේ මෙම හදිසි තත්ත්වයට යටත්වයි. මේ වනවිට අමෙරිකාවේ ප‍්‍රාන්ත 35 කට වඩා නව කොරෝනා වෛරසය පැතිර තිබෙනවා.

කොරොනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා එරට වැසියන්ට එක්සත් රාජධානිය හැර සියලු යුරෝපා රටවල් සඳහා දින 30ක සංචාරක තහනමක් ද පනවා තිබෙනවා.

ඉන්දියාවද සියලු සංචාරක වීසා බලපත්‍ර අත්හිටුවා තිබෙනවා. 

මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12කට සිය රටට ඇතුළුවීම වලක්වාලමින් සෞදි අරාබිය සංචාරක තහනමක් පවනා තිබෙනවා.

කෙසේවෙතත් ගත වූ පැය 24 දී චීනයෙන් කිසිදු මරණයක් වාර්තා නොවීම විශේෂත්වයක්. මේ වනවිට රටවල් 123 කින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 4,600 ඉක්මවා තිබෙනවා. ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාධිතයනින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 26,000 කට අධිකයි. පවතින තත්ත්වය හේතුවෙන් කොරෝනා වෛරසය ලෝක වසංගතයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානය  පියවර ගෙන ඇත්තේ.