Friday, May 10, 2024

General line - 0115112241

ස්වාධින කණ්ඩායම් 86ක් ඇප තැන්පත් කරයි




ඉදිරි මහ මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් 86 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඊයේ දිනයේ පමණක් ස්වාධීන කණ්ඩායම් 27ක් ඇප මුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමද අද සිට ආරම්භ වුණා. ලබන 19 වනදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරදීමට අවස්ථාව පවතිනවා. 

මේ අතර නාමයෝජනා භාර ගැණෙන අද සිට දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල අවට විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව පොලිස් මූලස්ථානය සදහන් කළා.

ඒ අනුව අද සිට නාමයෝජනා භාර ගැනීම අවසන් වන තෙක් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල අසල විශේෂ රථ වාහන ධාවන සැලැස්මක්ද කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ. මෙම කාලසීමාවේදී මැතිවරණ නීති උල්ලංඝණය කරනු ලබන පුද්ගලයින් සදහා නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා කොට්ඨාශ භාර නිලධාරීන්  වෙත උපදෙස් ලබාදී තිබෙනවා.