Thursday, May 9, 2024

General line - 0115112241

චන්ද්‍රිකාගේ සහය සජිත්ට




ඉදිරි මහ මැතිවරණයේදී හිටපු විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයට සහය ලබාදීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය තීරණය කර තිබෙනවා. ඇය ඉකුත් ජනාධිපතිවරණයේදීද සහය ලබාදුන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාටයි. කුමාර වෙල්ගම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාගේ සහය  ලබාගැනීමට සමගි ජන බලවේගයේ නියෝජිතයින් ඉකුත්දා සාකච්ඡුා ද පැවැත්වුවා. කෙසේවෙතත් මේ දක්වා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මේ සම්බන්ධයෙන් සිය තීරණය ප‍්‍රකාශයට පත් කර නැහැ. 

මේ අතර ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා ද අදහස් පළ කළා. ඔහු කියාසිටියේ සමගි ජන බලවේගය මෙවර නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී ඉකුත්  පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර ධුර හිමිකර ගත් මන්තී‍්‍රවරුන්ට ප‍්‍රමුඛතාව ලබාදිය යුතු බවයි.


හිටපු විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීම පිළිබද පළ වන වාර්තා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කළා. ඔහු කියාසිටියේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරග වැදීමට ඔහුට බාධාවක් ඇති නම් ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් තරග වැදීම සදහා සජිත් පේ‍්‍රමදාස මහතාට තමන් ආරාධනා කරන බවයි.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන හික්කඩුවේදී මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඔහු කියාසිටියේ ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය සියළු දිස්ති‍්‍රක්ක සදහා තරග කරන බවයි.