Sunday, May 5, 2024

General line - 0115112241

පවතින තත්ත්වය හමුවේ රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි




නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු හමුවීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇතැයි රජය පවසනවා.

ඒ අනුව අනවශ්‍ය කලබලවීම් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

ඒ සඳහා ‘‘කෝවිඞ් 19’’ නමින් මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ, පැය 24 පුරා කි‍්‍රයාත්මක දුරකථන අංක 02 ක්ද හඳුන්වා දෙමින්. 071 0 107 107 සහ 011 30 71 073 එම දුරකථන අංක 02 යි.

මෙම දුරකථන අංක හරහා කොරෝනා තත්ත්වය පිළිබඳ  ඕනෑම තොරතුරක් මහජනතාවට දැනගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

නිවැරදි තොරතුරු නොපමාව ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සේවා ප‍්‍රවර්ධන කාර්යංශය සමග එක්ව කටයුතු යොදා ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

ජාතික උපද්‍රවයක් පවතින මෙවැනි අවස්ථාවක වගකීම් විරහිතව හා අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව ද රජය අවධාරණය කර සිටිනවා. 

අනවශ්‍ය ලෙස කලබලවීමකින් සහ අනියත බියකින් තොරව තමන්ගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන ලෙසයි රජය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.