Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා හමුවේ මැතිවරණය පිළිබඳව සාකච්ඡා කරන්න කොමිසම රැස්වෙයි




නව කොරෝනා වෛරසය හේතුවෙන් රටතුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හෙට විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. එම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිතයි. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ඉදිරි මහ මැතිවරණය සඳහා එය කෙසේ බලපාන්නේදැයි මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුවනු ඇති. 

මේ අතර නව කොරෝනා වෛරසය ශ‍්‍රී ලංකාව තුළ පැතිර යාම පාලනය කිරීම සඳහා ගත හැකි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ද විශේෂ සාකච්ඡාවක් හෙට කැඳවා තිබෙනවා. 

මෙය කැඳවා ඇත්තේ නව කොරෝනා වෛරසයේ පාලනය සඳහා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමේ අරමුණින්. 

මේ අතර හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. එසේම පෞද්ගලික අංශයට හා බැංකුවලට ද හෙට දිනය නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ. 

නව කොරෝනා ව්‍යාප්තිය වළක්වාලීම සදහා ගනු ලබන තවත් පිවරක් ලෙස රජය මෙම තීරණය ගත් බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප‍්‍රකාශ කළා.