Sunday, May 5, 2024

General line - 0115112241

පොලිස් දිසා කාර්යාලයත් සති දෙකක් වැසේ - නිෂ්කාෂණ වාර්තා ඔන්ලයින් ක්‍රමයට




නව කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පූර්ණ කි‍්‍රයාමාර්ග ගැනීමේ අරමුණින් පොලිස් නිශ්කාශන වාර්තා ඔන්ලයින් ක‍්‍රමය යටතේ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ නිශ්කාශන වාර්තා අයැදුම්පත් භාරගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසා කාර්යාලයේ ස්ථාපිත කර ඇති කාර්යාලය ද සති 02 ක් වසා වසා තැබෙන බවයි. 

එබැවින් ඔන්ලයින් ක‍්‍රමයට පොලිස් නිශ්කාශන වාර්තා නිකුත් කරන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.