Sunday, May 5, 2024

General line - 0115112241

සංචාරක ආකර්ෂණය දිනූ ති‍්‍රකුණාමලයේ උණුවතුර ළිං සහ නිලාවේලි පරෙවි දූපතත් වසා දැමේ




දේශීය සහ විදේශීය සංචාරක ආකර්ෂණය දිනූ ති‍්‍රකුණාමලයේ පිහිටි උණුවතුර ළිං පරිශ‍්‍රය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

ඒ, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්. 

ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් පුරාවිද්‍යා නිලධාරී මොහාන් ආරියතිලක පැවසුවේ අද සිට නැවත දැනුම් දෙන තුරු උණුවතුර ළිං පරිශ‍්‍රය වසා දමන බවයි. 

මේ අතර, නිලාවේලිහි පිහිටි පරෙවි දූපතද අද සිට දින 14 ක කාලයක් වසා දැමීමට තීරණය කළ බව ති‍්‍රකුණාමලය වැඩ බලන වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න පැවසුවා.