Friday, April 19, 2024

General line - 0115112241

සෑම ඉරිදාවකම මොරටුව නගරය පිරිසිදු කිරීමේ මෙහෙයුමක්




නව කොරෝනා වෛරසයෙන් මෙන්ම කැළි-කසළ හරහා ද පැතිර යන විෂබීජ හේතුවෙන් ජනතාව විවිධ රෝගවලට ගොදුරු වූ අවස්ථා ඉකුත් සමයේ වාර්තා වුණා.

මොරටුව නගරය ද එලෙස අක‍්‍රමවත් ලෙස කැළි - කසළ බැහැර කිරීම හේතුවෙන් අපවිත‍්‍ර වී තිබුණේ ජනතාවට ද පීඩා ගෙන දෙමින්.

ඒ අනුව නෙත් නිවුස්, මොරටුව මහ නගර සභාව සමග එක්ව ඊයේ (15) දිනයේ මොරටුව නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කළා.

මෙම කටයුතු සඳහා විශාල පිරිසක් එක් වූයේ කිසිදු වරප‍්‍රසාදයකින් තොරව හුදෙක්ම නගරයේ පිරිසිදු භාවය පමණක් අපේක්ෂා කරමින්.

 ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු කියා සිටියේ සෑම ඉරිදා දිනකදීම කිලෝමීටර් 10ක ප්‍රමාණය අවසන් වෙන තුරු මෙම මෙහෙයුම දියත් කරන බවයි.