Tuesday, May 7, 2024

General line - 0115112241

"හමුදාව යොදවා ගත් හේතුව දැන් හැමෝටම වැටහෙනවා ඇති"




නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා නිරෝධායන කටයුතු ඇතුළු තවත් කාර්යයන් රැසකට යුද හමුදාව යොදවා ඇත්තේ ඇයිද යන්න මේ වනවිට සියළු දෙනාට වැටහී ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඊයේ (16) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව කියාසිටියා.

මාර්තු මස පළමු වැනිදා සිට 9 වැනිදා අතර කාලය තුළ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් නිරෝධායනයට ලක්වීමේ අවශ්‍යතාවද මෙහිදී පැහැදිලි කෙරුණා.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුන්නේද මෙම සාකච්ඡාවට එක් වුණා.

ඔහු කියාසිටියේ මාස 10 කට ප‍්‍රමාණවත් සහල් මෙන්ම අනෙකුත් ආහාර ද්‍රව්‍ය මාස 3 කට අවශ්‍ය ප‍්‍රමාණය රට තුළ පවතින බවයි.

රට තුළ භාණ්ඩ හිඟයක් මතු නොවීමට කි‍්‍රයාත්මක වැඩපිළිවෙල පිළිබදවද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුන්නේ මෙහිදි කරුණු පැහැදිලි කළා.

ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.