Monday, May 6, 2024

General line - 0115112241

විශේෂ ගුවන් යානයක් අද ඉන්දියාවට : එන පිරිස් නිරෝධායනයට 




ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබාදුන් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.

ඉන්දියාවේ සංචාරය ගොස් සිටින පුද්ගලයින් රැගෙන ඒමට අද දින සවස් කාලයේදී විශේෂ ගුවන් යානයක් ඉන්දියාව බලා පිටත් වීමට නියමිතව සිටින බවද මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියා.

මේ වන විට මෙරට රැඳී සිටින විදේශිකයින්ට හිරිහැර වන ආකාරයේ සිදුවීම් වී ඇති බව වාර්තා වන බවත් එවැනි දේවලින් වලකින ලෙස මෙහිදී යුධ හමුදාපතිවරයා ඉල්ලා සිටියා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා විදේශිකයින්ද හැකි තරම් තම රැඳී සිටින හෝටල් කාමර තුලටමවී සිටින ලෙසයි යුධ හමුදාපතිවරයා එම විදේශිකයින් ගෙන් ඉල්ලා සිටියා.