Saturday, May 4, 2024

General line - 0115112241

මෙම කාලය ඒකරාශීවීම් සඳහා අවස්ථාවක් කර ගන්න එපා




රජය විසින් ප‍්‍රකාශයට පත් කෙරුණු විශේෂ නිවාඩුව චාරිකා හෝ වෙනත් ඒකරාශීවීම් සඳහා අවස්ථාවක් කර නොගන්නැයි නැවත ඉල්ලීම් කෙරෙනවා. එලෙස චාරිකාවල යෙදීම හෝ ඒකරාශීවීම සාමාජීය තර්ජනයක් වනවා මෙන්ම චාරිකාවල යෙදෙන්නන්ට සහ ඒකාරාශීවන්නන්ට ද පෞද්ගලිකව තර්ජනයක් බවයි මෙහිදී සිහිපත් කෙරුණේ. 

IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මේ බව සඳහන් කළා.

රජය ලබාදුන් සහන ලබාගැනීම සඳහා වෙළඳසැල්වල බොහෝ පිරිස් ඒකරාශීවී සිටීමක් ද ඊයේ (18) දක්නට ලැබුණා. ඇතැම් පිරිස් කණ්ඩායම් ලෙස ඒකරාශී වී කී‍්‍රඩාංගනවල කී‍්‍රඩා කිරීමට ද පෙළඹී සිටි බවයි නෙත් නිවුස් කළ නිරීක්ෂණ චාරිකාවලදී දක්නට ලැබුණේ.

මෙවැනි ඒකරාශීවීම් වලින් ද වළකින ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම නැවත සිහිකැඳවූවා. 

මේ අතර සියලූ ආකාරයේ චාරිකා මේ වනවිට තහනම් කර තිබෙන බවයි රජය අවධාරණය කරන්නේ.

තහනම නොසලකා චාරිකාවල යෙදෙන්නන් හඳුනා ගැනීම සඳහා පොලිස් මාර්ග බාධක ද වැඩිකර තිබෙනවා. එලෙස චාරිකාවල යෙදෙන්නන් සම්බන්ධයෙන් මෙන්ම චාරිකා සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයන්නන් සම්බන්ධයෙන් ද නිරෝධායන නීති යටතේ කටයුතු කරන බවයි පොලීසිය පැවසුවේ.