Saturday, May 4, 2024

General line - 0115112241

අද 12න් පසු විරෝධතා සඳහා කාලය ලැබේ




මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද (19) මධ්‍යහනයෙන් අවසන් වනවා. නාම යෝජනා භාරදීම අවසන්වීමෙන් පසු විරෝධතා ගොනු කිරීමට පැයක කාලයක් ද දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට හිමිවනු ඇති.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් 
ශ‍්‍රී රත්නායක පැවසුවේ 2020 අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ අවසන් දිනය අද බවත් අද 12.00 සිට 1.30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා කාලය ලැබෙන බව සඳහන් කළා.

නාම යෝජනා භාරදීම සඳහා නීත්‍යානුකූල බලය හිමි අය පමණක් පැමිණෙන්නැයි සියලූ දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම් වලින් මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා. 

මේ අතර නාම යෝජනා භාරදීම මෙන්ම සිය සෙසු දේශපාලන කටයුතු ද සෞඛ්‍ය උපදෙස්වලට යටත්ට මහජනතාවට තර්ජනයක් නොවන පරිදි සිදු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඒ බව සඳහන් කළා. 

මේ අතර සෙසු දිස්ති‍්‍රක්කවලදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව පොහොට්ටුව ලකුණින් තරග වැදුනත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ති‍්‍රක්ක කිහිපයකට පමණක් අත ලකුණින් තනිව තරග වදිනවා. එම දිස්ති‍්‍රක්ක සඳහා නාම යෝජනා භාරදීම අද සිදුකරන බවයි හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ. 

නාමයෝජනා භාරදීම කෙසේ සිදුකරන්නේ දැයි නෙත් නිවුස් සමගි ජනබලවේගයෙන් ද විමසීමක් කළා. ඒ පිළිබඳ කරුණු දැක් වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ නීති උපදෙස් අනුව සියලු වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි. 

සමගි ජනබලවේගය දුරකථනය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වද්දී එක්සත් ජාතික පක්ෂය ද අලියා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වනවා. 

ඒ සඳහා නාම යෝජනා භාරදීමේ කටයුතු අද සිදුකරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයා ගමගේ පැවසුවේ. 

මේ අතර මාලිමාව ලකුණින් මහ මැතිවරණයට තරග කිරීම සඳහා ජාතික ජනබලවේගය ද මේවනවිටත් දිස්ති‍්‍රක්ක කිහිපයකට නාම යෝජනා භාරදී තිබෙනවා. සෙසු දිස්ත‍්‍රික්ක සඳහා අද නාම යෝජනා භාරදෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පැවසුවේ.