Saturday, May 4, 2024

General line - 0115112241

වෛද්‍ය සිසුවියගේ දුෂිකයින් එල්ලා මරා දමයි 




ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දුෂණය කළ සිද්ධියට අදාළව වරදකරුවන් වු පුද්ගලයින් සිව්දෙනෙකුට අද (20) මරණ දඬුවම හිමිවුණා. එරට මාධ්‍ය පැවසුවේ එම චූදිතයින් සිව්දෙනාට දිල්ලි ප‍්‍රාන්තයේ තිහාර් බන්ධනාගාරය තුලදී අද අලූයම 05.30 ට මෙලෙස මරණ දඬුවම ලබාදී ඇති බවයි. ඒ අනුව 2015 න් පසුව ඉන්දියාව මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ පළමු අවස්ථාව මෙය වනවා.

මෙලෙස මරණ දඬුවම හිමිවූයේ 25, 26, 31 සහ 32 වයස් කාණ්ඩවල පසුවන චූදිතයින් සිව්දෙනෙකුටයි. අදාළ දුෂණ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු වරදකරුවන් කෙරුණු නමුත් ඉන් එක් අයෙකු බන්ධනාගාරය තුලදී මියගියා. අනෙක් පුද්ගලයා සිද්ධිය වන සමයේදී බාලවයස්කරුවෙකු වූ බැවින් ඔහු වසර 03 ක පරිවාසභාරයකින් පසු මුදා හැර තිබෙනවා.

2012 වසරේ දෙසැම්බර් මස 16 වනදා නව දිල්ලි අගනුවර ධාවනය වෙමින් තිබූ බස්රථයක් තුලදී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් වධහිංසා පමුණුවා දුෂණය කිරීම සම්බන්ධවයි මොවුන්ට චෝදනා එල්ල වී තිබුණේ. එම සිද්ධිය ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම වෛද්‍ය ශිෂ්‍යාව ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලක් වෙත යොමු කළද පසුවූ ඇය මියගියා. අනුව මෙවැනි සිද්ධියකට මුහුණ දුන් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි කිරීම ඉන්දීය නීතියට පටහැනි වන බැවින් එම වෛද්‍ය ශිෂ්‍යාව ලොව පුරා හැඳින්වුණේ ‘‘නිර්භයා’’ ලෙසයි.