Wednesday, May 8, 2024

General line - 0115112241

නිරෝධායන නීතිය සහ ඇඳිරි නීතිය කඩකරන්නන් පිටුපස පොලීසියේ 45,000 ක්




ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට 45,000 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් දිවයින පුරා යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

නිරෝධායන නීතිය කඩකරන්නන්ගේ නිශ්චල දේපළ මුද්‍රා තැබීමට සහ චංචල දේපළ පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ඒ පිළීබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් නීති කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ. 
 


කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වුවද, අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ පුද්ගලයින්ට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි.