Wednesday, May 8, 2024

General line - 0115112241

කොරෝනා අවදානම නිසා අපද්‍රව්‍ය බැහැර කිරීමේදි වැඩි සැලකිල්ලක් දක්වන්නැයි ඉල්ලීමක්




මේ දිනවල නිවෙස්වල එක්රැස්වන අපද්‍රව්‍ය බැහැරකිරීමේදී වැඩි සැලකිල්ලක් දක්වන ලෙස රටේ සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ නලින් මාන්නප්පෙරුම පැවසුවේ මේ දිනවල භාවිතයට ගැනෙන මුඛ ආවරණ වැනි ද්‍රව්‍ය හැකිතාක් ගෙවත්තේදීම පුළුස්සා දැමීමට කටයුතු කරන ලෙසයි. 
 

මේදිනවල අපද්‍රව්‍ය ඉවත් කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවලට ද ගැටලූවක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.