Wednesday, April 24, 2024

General line - 0115112241

කොරෝනා වැළදුණු රෝගීන්ට ප්‍රතිකාර කරන්න ලංකාවේ නිර්මාණය වූ අලුත්ම ආරක්ෂිත ඇඳුම (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල




අම්පාර මහා රෝහලේ ආසාදන පාලන ඒකකය මගින් රෝහල් සේවකයින්ට අවශ්‍ය ආරක්ෂිත ඇදුමක් අඩු වියදමකින් නිර්මානය කරගෙන තිබෙනවා.

දිරායන පොලිතීන් භාවිත කර සකස් කරන ලද මෙම ඇඳුම එක්වරක් පමනක් භාවිතා කල හැකි බව අම්පාර මහා රෝහලේ ක්ෂද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය දර්ශණ වික්‍රමසිංහ පවසනවා.

දැනට මෙය ලංකාවේ අනෙක් රෝහල්වලටත් හදුන්වාදීමට කටයුතු කරන බවද සඳහන් කළා. අම්පාර මහා රෝහලේ සේවය කරන සියලු කාර්ය මණ්ඩල සඳහා මෙම ආරක්ෂිත ඇදුම ලබාදෙන බවද සඳහන් කෙරුණා.

කොරෝනා වෛරසය ආසාදනයට ලක්වු පුද්ගලයන් පැමිණියහොත් ඔවුන්ට ලබාදීමට හැකි මුලික ප්‍රතිකාර ලබාදීම සඳහා අම්පාර මහා රෝහලේ ස්ථාන කිහිපයක් සහ කාර්ය මණ්ඩල සුදානම් කර ඇති බව අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධිකාරි උපුල් විජේනායක සඳහන් කළා.