Wednesday, May 1, 2024

General line - 0115112241

ගුවන් තහනම දීර්ඝ කෙරේ

ටී.කේ.ජී.කපිල




ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන ඇතුළු වීම සදහා පැමිණෙන සියලුම මගී ගුවන් යානා වෙත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම ලබන අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

මෙම ගුවන් ගමන් තහනම මෙම මස 31 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණා. ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණයට එළඹී තිබෙනවා.

එහෙත් වෙනත් රටවල් කරා පිටත්ව යෑමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා වලටත් හදිසි අවශ්‍යතා මත (Emergency Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත්, කාර්මික දෝෂ නිසා ( Technical Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සදහා ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලටත් තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතී.