Wednesday, May 1, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කොටිකාවත්තේදී සිදු කෙරේ




කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී මියගිය 60 හැවිරිදි මාරවිල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ දේහය පිළිබද ආදාහන කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී අද (29) පෙරවරුවේ සිදුකෙරුණා.

පශ්චාත් මරණ පරීක්‍ෂණය එම සුසාන භූමියේදී සිදු කෙරුණේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්න පෙරේරාගේ මූලිකත්වයෙන් සහ මුල්ලේරියාව පොලීසියේද සහභාගිත්වයෙන්.

මෙම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනකු පමණක් සහභාගි වී සිටියා. ඔහුගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයින් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බැවින් ඔවුන්ට එම අවස්ථාවට එක්වීමට හැකි වූයේ නැහැ.