Wednesday, May 1, 2024

General line - 0115112241

"විදෙස් රටක සිට පැමිණි අය තොරතුරු වසන් කරන්න එපා" - ජනතාවගෙන් ඉල්ලයි




විදෙස් රටක සිට පැමිණි අයෙකු වේ නම් හෝ කොරෝනා රෝගී තත්ත්වය පිළිබද තොරතුරු වසන් නොකර නොපමාව වෛද්‍යවරුන් දැනුවත් කරන්නැයි සෞඛ්‍ය අංශ මෙන්ම පොලීසිය යළි ඉල්ලීමක් කරනවා.

මාර්තු මස 10 වැනිදායින් පසු ඉන්දියාවේ සිට දිවයිනට පැමිණි අයෙකු වේ නම් ළගම ඇති පොලීසිය සහ සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස ඊයේ (28) ඉල්ලීමක්ද කෙරුණා.

රටේ සෞඛ්‍ය ආරක්‍ෂාව ගැන සිතා එවැනි පුද්ගලයින් මෙම අවස්ථාවේදී වගකීමෙන් කටයුතු කළයුතු බවයි නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.