Thursday, April 25, 2024

General line - 0115112241

පවතින තත්ත්වය මත අසරණ වූ ජනතාව සොයා 'නෙත්' සහන රැගෙන එයි (PHOTOS)




රටපුරා පැතිර යන කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වය නිසා අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝවේ මහා විශ්ව කර්ම පෙළහර පසුගියදා ආරම්භ වූවා.

ජනතාවට අවශ්‍ය කරන්නා වූ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් බඩුමලු බෙදා දීම මෙහිදී සිදු කළ අතර මෙම සමාජ සත්කාරය සඳහා මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික වෘතියවේදින්ගෙ සංසදය, නෙත් රේඩියෝව හා අත්වැල් බැඳගනු ලැබුවා. එහි 2019-2020 විධායක කමිටුව වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ ලෙෂාන් උක්ගල්ල විසින්.

මෙහි පළමු අදියර ලෙසින් දෙහිවල, තලවතුගොඩ, අවිස්සාවේල්ල සහ හෝමාගම යන ප්‍රදේශවල ජනතාවට මෙම බඩු මලු බෙදා දුන් අතර පවතින තත්වය පිලිබඳව නෙත් රේඩියෝව විසින් සෑම අවස්ථාවකදීම සිය ශ්‍රාවකයින්ව දැනුවත් කරනු ලබනවා.

මීට අමතරව අවිස්සාවේල්ල මානික්‍ය වත්තේ ජනතාව සඳහා ද ආහාර මලු සහ මුඛ ආවරණ ලබා දීම අද (03) සිදු කෙරුනා.