Saturday, April 27, 2024

General line - 0115112241

නෙත් සමග අත්වැල් බැඳගත් ආයතන එකතු වී IDH රෝහලේ අවශ්‍යතාවයන් ඉටු කරයි




නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටදී හඳුනාගන්නා රෝගීන්ට ප‍්‍රතිකාර ලබා දෙන ප‍්‍රධානතම රෝහල වන අංගොඩ පිහිටි බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH උණ රෝහලට අත්‍යාවශ්‍ය උපකරණ රාශියක් නෙත් එෆ් එම් රේඩියෝවේ මැදිහත් වීමෙන් අද (08) එම රෝහල වෙත ප‍්‍රදානය කෙරුණා.

වෛද්‍යවරුන් සහ රෝගීන් අතර දුරස්ථ භාවය රඳවා ගනිමින් ප‍්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය උපකරණ මෙලෙස පරිත්‍යාග කෙරුණා.

කොළඹ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායම, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මැස්කෝ 86 කණ්ඩායම, එස්. කේ. වික‍්‍රමසිංහ ට‍්‍රස්ට් ගැරන්ටි ලිමිටඞ්, අංක 306 සී 02 සිංහ සමාජය, බෝගල ග‍්‍රැෆයිට් සමාගම, හොංකොංහි ශී‍්‍ර ලන්කන්ස් කි‍්‍රකට් සමාජය, සහ NDB බැංකුවේ නිලධාරීන් පිරිසක් නෙත් රේඩියෝව සමග මෙම සත්කාරය සඳහා එක් වුණා.

IDH රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක එහිදී අදහස් දක්වමින් සඳහන් කළේ "කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රෝගීන් කළමණාකරනය කෙරෙන කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනය. වසංගත තත්ත්වයත් සමගම රෝහලේ ධාරිතා සංවර්ධනයත් කිරීමට සිදුව ඇති බැවින් ඒ සඳහා නෙත් එෆ් එම් ආයතනය සහ ඊට සහයෝගය දක්වන ආයතන, පුද්ගලයින් සිදු කරන පරිත්‍යාග ඉතාමත් අයග කොට සලකන බවයි."

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා සූරියආරච්චි ද මෙහිදී අදහස් දැක්වූවා.  එහිදී පෙන්වා දුන්නේ රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටද ඇති ගැටලු හඳුනාගෙන නෙත් එෆ්. එම් සිදු කරන ක්‍රියාවන් ඉතාමත් අගය කොට සළකන බවයි.

මෙම සත් කාර්යය සඳහා දායකත්වය ලබා දුන් කොළඹ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායම වෙනුවෙන් එහි සාමාජික ඉන්දික ලියනගේ මෙම වැඩසටහන හා එක්වීම පිළිබඳ අදහස් පළ කරමින් සඳහන් කළේ නෙත් රේඩියෝව සමග එක්ව මෙවැනි ක්‍රියාවකට දායක වීමට හැකි වීම පිළිබඳව සතුටට පත් වෙන බවයි.

 

අංක 306 සී 02 සිංහ සමාජයේ සභාපතිනි වෛද්‍ය නිල්මිණී විතාන ද මෙම සත් කාර්යය සඳහා නෙත් එෆ්. එම්. රේඩියෝව සමග අත්වැල් බැඳගත්තා. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නිල්මිණී විතාන ද කියා සිටියේ නෙත් නිරන්තරයෙන් සමාජයේ අවශ්‍යතා හදුනා ගන්නා මාධ්‍ය ආයතනයක් බවයි.

හොංකොංහි ශී‍්‍ර ලන්කන්ස් කි‍්‍රකට් සමාජය වෙනුවෙන් ලහිරු චන්දිම වීරසිංහ ද මෙම වැඩසටහන පිළිබඳ සිය සතුට පළ කළා.

 

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මැස්කෝ 86 කණ්ඩායම වෙනුවෙන් එහි ප‍්‍රධාන උපදේශක ජේ. එම්. ජී. බණ්ඩාර මෙම වැඩසටහන සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

"රටම වෙලා ගැනීමට උත්සහ ගන්නා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට නෙත් එෆ්. එම් රේඩියෝව සමග එක්ව පරිත්‍යාගයක් සිදු කිරීමට හැකියාව ලැබීම වඩාත් අගය කොට සළකනවා."

 

රෝහල් කාර්යය මණ්ඩලයේ අවශ්‍යතා සඳහා රුපියල් දෙලක්ෂ පනස්දහසක් වටිනා රීලෝඞ් පහසුකම් ද මෙහිදී ප‍්‍රදානය කෙරුණා.

ඒ, පේ මාස්ටර් සොලූයුෂන්ස් පුද්ගලික ආයතනයේ දායකත්වයෙන්.

එහි ප‍්‍රධාන විධායක නිලධාරී රන්සික ද සිල්වා කියා සිටියේ "කොරෝනා වෛරසයට එරෙහිව IDH රෝහලේ කාර්ය මණ්ඩලය විශාල කැප කිරීමක් සිදු කරනවා. ඒ මුළු රට වෙනුවෙන්මයි. ඔවුන්ට ඔවුන්ගේ විවේකයක් ලැබෙන අවස්ථාවේදී පවුලේ සමීපතමයින් සමග දුරකතන මාර්ගයෙන් කතා බහක නිරත වීමට අවශ්‍ය සහයක් තමයි අපි හරහා සිදු කළේ." යනුවෙනි.   

 

(එහි ඡෘයාරූප පහතින් දැක්වේ)