Thursday, May 2, 2024

General line - 0115112241

ගෝලීය වසංගතය එක්ව ජයගන්න මෝදිගෙන් ට්‍රම්ප්ට ආරාධනා




ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම එක්ව ජයගමු යැයි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට පවසා තිබෙනවා. 

ඒ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. 

එමගින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ කෝවිඞ් 19 වෛරසයට එරෙහිව සටන් වැදීම සදහා ඉන්දියාව ඕනෑම සහයෝගයක් ලබාදෙන බවයි. 

අමෙරිකාවේ ඉල්ලීම මත මැලේරියා මර්දන ඖෂධයක් අමෙරිකාවට ලබාදීමට අග‍්‍රාමාත්‍ය මෝදි තීරණය කළා. ඒ සදහා අමෙරිකානු ජනාධිපතිවරයා, ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට ස්තූතිය පල කල අතර ඊට ප‍්‍රතිචාර දක්වමිනුයි අග‍්‍රාමාත්‍ය මෝදි මෙලෙස ට්විටර් සටහනක් තබා තිබුණේ.
 
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව ඖෂධ අපනයනය තහනම් කලා. ඒ අනුව රටවල් 30 ක් පමණ ඉන්දියාවෙන් ඉල්ලා තිබුණේ මැලේරියා මර්දන ඖෂධය අපනයනය කිරීම සදහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙසයි. 

අමෙරිකාව ද, ඉන්දියාවෙන් මැලේරියා මර්දන ඖෂධය ඉල්ලා සිටි අතර අපනයන තහනම හේතුවෙන් ජනාදිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉන්දියාවට එම ඉල්ලීම ඉදිරිපත් කලේ එසේ නොකලහොත් ඇති විය හැකි ප‍්‍රතිවිපාක පිලිබදව ද සිහි කැඳවමින්.