Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දීය සහ පකිස්ථාන දේශසීමාවේ දරුණු ගැටුම්




ඉන්දීය හමුදාව සහ පකිස්ථාන හමුදාවන් අතර ජම්මු හා කාශ්මීර ඉදිරි ආරක්ෂක වළල්ලේ ගැටුම් හට ගෙන තිබෙනවා. අද දහවල් කාලයේදී පාකිස්ථාන හමුදාව විසින් ඉන්දිය භට පිරිස් ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කිරිමත් සමග දෙපාර්ශවය අතර ප්‍රබල ගැටුම් හට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම ගැටුම් ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ කේරන් ප්‍රදේශයේදී හටගෙන තිබෙනවා.

පාකිස්ථාන හමුදාවේ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉන්දීය හමුදාව විසින් එල්ල කළ ප්‍රහාර වලින් පාකිස්ථාන හමුදාවේ ආයුධ ගබඩාවක්‌ විනාශවී ඇති බව සනාථ වී ඇත.

එමෙන්ම පාකිස්ථාන හමුදාවේ බර අවි ස්ථාන ගත කර ඇති ස්ථාන සහ ත්‍රස්තවාදීන් පුහුණු කරනු ලබන කඳවුරුද ඉලක්ක කර ගනිමින් ඉන්දීය හමුදාව ප්‍රහාර දියත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.