Tuesday, May 7, 2024

General line - 0115112241

චීනයේ යලිත් නව කොරෝනා ආසාධිතයන් වැඩි වෙයි




මාර්තු 06 වැනිදායින් පසු එක් දිනක් තුළ චීනයෙන් හදුනා ගැණුනු වැඩිම නව කොරෝනා ආසාධිතයන් ගණන ඊයේ (11) වාර්තා වුණා.

ඊයේ දිනයේදී නව කොරෝනා ආසාධිතයන් 99 දෙනෙකු චීනයෙන් හදුනා ගෙන තිබෙන බවයි රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ.

කෙසේ වෙතත් චීනයේදී වෛරසය ආසාධනය වී ඇත්තේ ඔවුන්ගෙන් දෙදෙනෙකුට පමණක් බවද හදුනාගෙන තිබෙනවා.

සෙසු සියලූ දෙනා විදේශයන්ගේ සිට චීනයට පැමිණ ඇති අයයි. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් රුසියාවේ සිට චීනයට පැමිණි අය වනවා.