Tuesday, May 7, 2024

General line - 0115112241

රට වසා දැමීමට ප්‍රමාද වුවා වැඩි : බොහෝ ජිවිත බේරා ගන්න තිබුණා - අමෙරිකාවේ ඉහළ පෙලේ නිලධාරියෙක් කියයි




මාර්තු මාසය මැද භාගය වීමට පෙර අමෙරිකාව වසා දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා නම් කොරෝනා වෛරසයෙන් සිදුවන ජිවිත හානි අවම කර ගැනීමට තිබුණු බවට එරට රජයේ ප්‍රධාන තනතුරක් හොබවන විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර සිටිනවා.

ආසාත්මිකතා සහ බෝවන රෝග පිලිබඳ ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය Anthony Fauci ප්‍රකාශ කර සිටියේ එවැනි තීරණයක් ගෙන තිබුනේ නම් අමෙරිකාව තුල කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම අවම කර ගැනීමට හැකිව තිබුණ බවයි.

චීනයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබියදී අමෙරිකානු බුද්ධි අංශ විසින් අවස්ථා කිහිපයකදීම එරට රජයේ ඉහල නිලධාරීන්ට ඉදිරියේ ඇතිවිය හැකි අවධානම් තත්ත්වය ගැන අනතුරු අඟවා තිබුනත් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී නොතිබූ බවට පසුගිය සති කිහිපයේදී මාධ්‍ය වාර්තා කර සිටියා.

මෙහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය Anthony Fauci ප්‍රකාශ කර සිටියේ ඇතැම් තීරණ ගැනීමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවූ බවයි.

නමුත් සෑම විටම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය නිසිදේ කළ බවයි ඔහු රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ.

නව කොරෝනා වෛරසයෙන් මේ වන විට අමෙරිකාවේ මේ වන විට පුද්ගලයින් 22,115 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාධනය වී ඇති සංඛ්‍යාව 560,433ක්.