Tuesday, May 7, 2024

General line - 0115112241

වන සත්ත්ව වෙළදාමට තහනමක් පනවන්නැයි ජගත් සංවිධානයෙන් ඉල්ලීමක්




වන සත්ත්ව වෙළදාම සඳහා ගෝලීය තහනමක් පනවන ලෙස එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව කටයුතු පිළිබඳ ප‍්‍රධානී එලිසබෙත් මරූමා නිර්දේශ කරනවා. 

විවෘත වෙළදපොළකදී සිදුවන වන සත්ව වෙළදාම් මානව සෞඛ්‍යයට බරපතල තර්ජනයක් විය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ. 

ලොව පුරා පැතිර යමින් තිබෙන නව කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසයද මානවයාට ආසාධනය වූ බවට සැලකෙන්නේ වන සතුන් හරහායි. මේ වන විට ලොව පුරා හදුනා ගෙන ඇති නව කොරෝනා ආසාධිතයන් ගණන දහ අට ලක්ෂ 53,619ක් වනවා. 

ලොව පුරා සිදුව ඇති නව කොරෝනා මරණ ගණන එක් ලක්ෂ 14,273 ක්. 

නව කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වූ චීනයෙන් හදුනා ගැනෙන ආසාධිතයන් ගණන ඉකුත් දින දෙකෙදී යලි ඉහල ගියා. ඊයේ දිනයේදීයි එරටින් හදුනා ගෙන ඇති නව කොරෝනා ආසාධිතයන් ගණන 108 දෙනෙක්. 

මාසයකට පමණ පසු චීනයෙන් එක්දිනකදී වාර්තා වූ වැඩිම නව කොරෝනා ආසාධිතයන් ගණනද මෙයයි.