Wednesday, May 8, 2024

General line - 0115112241

දෙවැනි වරටත් කොරෝනා වසංගතය පැතිරීමේ අවධානමක් - චීන බලධාරීන් අනතුරු අඟවයි




ගතවූ පැය 24 තුලදී චීනයෙන් නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 108 දෙනෙක් වාර්තා වී ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කර සිටිනවා. ගතවූ මාසයේ එක් දිනයක් තුල චීනයෙන් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වන්නේ මෙයයි.

මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 98 දෙනෙකු විදේශ රටවල් වලින් චීනයට පැමිණි අයවළුන් වනවා. සෙසු රෝගීන් 10 දෙනා චීනයේ හයිලොන්ජියැන් සහ ගුවැන්ඩොං පලාතෙන් වාර්තා වනවා.

කොරෝනා වෛරසයේ ආරම්භය වූ වුහාන් නගරයෙන් එකඳු රෝගියෙක් හෝ වාර්තා නොවන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

රට තුලට පැමිණෙන පිරිස් හරහා දෙවන වතාවටත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් චීනය තුල ඇතිවීමේ අවධානමක් ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරින් අනතුරු අඟවා සිටින්නේ.