Wednesday, May 8, 2024

General line - 0115112241

වැඩිම කොරෝනා මරණ වාර්තා වෙද්දිත් අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක් යළි විවෘත වන ලකුණු




කොවිඞ් -19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අකර්මන්‍ය වූ අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක් යළිත් විවෘත කිරීමේ සූදානමක් පිළිබඳව විදෙස් මාධ්‍ය අද (14) ඉගි පළ කළා.

ඒ අනුව අමෙරිකාවේ නැගෙනහිර කොටසේ පිහිටි ප‍්‍රාන්ත 06 ක් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එම ප‍්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් සාකච්ඡා අරඹා ඇති බව හා සැලසුම් ද සකස් කරමින් සිටින බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

මෙලෙස විවෘත කිරීමට සූදානම් වන ප‍්‍රාන්ත අතරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇති නිව්යෝර්ක් ප‍්‍රාන්තය ද අයත්. ඊට අමතරව නිව් ජර්සි, කනේක්ටිකට් හා පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්ත ද යළි විවෘත කිරීමේ සූදානමක් පවතින බවයි වාර්තා වුණේ.  

මෙම ප‍්‍රාන්තවලට අමතරව අමෙරිකාවේ බටහිර වෙරළ කොටසේ පිහිටි ප‍්‍රාන්ත ති‍්‍රත්වයක් ද යළි විවෘත කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව ද විදෙස් මාධ්‍ය අනාවරණ කළා. කෙසේවෙතත් මෙම ප‍්‍රාන්ත නැවත විවෘත කෙරෙන නිශ්චිත දිනයක් පිළිබඳ මෙතෙක් අනාවරණ කර නැහැ. 

නවතම වාර්තාවලට අනුව තවදුරටත් ලොව වැඩිම නව කොරෝනා ආසාදිතයින් ගණනක් සහ වැඩිම නව කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. ගතවු පැය 24 තුළ පමණක් අමෙරිකාවෙන් නව කොරෝනා මරණ 1,513 ක් වාර්තා වුණා. සොයා ගැනුණු ආසාදිතයින් ගණන 26, 448 ක්.