Sunday, April 28, 2024

General line - 0115112241

කොළඹ වරායේ බහලුම් වැඩි වීමෙන් ගැටලුවක්




කොළඹ වරායේ බහාලූම් අංගනය මේ වනවිට උපරිම ධාරිතාවට ආසන්න වෙමින් ඇති බැවින් එහි තිබෙන බහාලූම් ඉවත් කර ගැනීමට අදාළ පාර්ශ්ව කටයුතු කළ යුතු බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

එම බහාලූම් ඉවත් කර ගැනීම සඳහා රජය මේ වනවිටත් අවශ්‍ය පහසුකම් සකස් කර ඇති බවයි ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

වරාය පරිශ්‍රයේ ඇති පහසුකම් අනුව බහලුම් 30000ක ප්‍රමාණයක් පමණක් තබා ගැනීමේ හැකියවක් ඇති බවයි එහිදී පෙන්වා දුන්නේ. දැනටමත් 25000කට අධික බහලුම් ප්‍රමාණයක් ඇති බවත් සඳහන් කළා. 

මෙම බහාලූම් කඩිනමින් ඉවත්කර ගැනීමට අදාළ පාර්ශ්ව කටයුතු නොකළ හොත්, මෙරටට නැව් මගින් පැමිණෙන අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් බහාලූම් ගොඩබෑමේදී බාධා එල්ල විය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 

පවතින තත්ත්වය සලකා හැකි ඉක්මනින් එම බහාලූම් වරාය අංගනයෙන් ඉවත් කර ගන්නා ලෙයසි මෙහිදී යළි ඉල්ලීමක් කෙරුණේ. 

බහාලූම් ඉවත් කර ගැනීම සදහා අවශ්‍ය සියළු පහසුකම් කඩිනමින් සම්පූර්ණ කිරීමට සූදානම් බවද මෙහිදී අවධාරණය කෙරුණා.