Wednesday, May 8, 2024

General line - 0115112241

"අපි මුල සිටම අනතුරු අඟවා සිටියා" : ට්‍රම්ප්ගේ චෝදනාවට පිළිතුරු ලැබෙයි




කොරෝනා වෛරසය පිළිබඳව පළමු දිනයේ සිටම අනතුරු ඇඟවීම් සිදුකළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අමෙරිකාවෙන් කිසිවක් සඟවා නොමැති බව එම සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් Tedros Adhanom ප්‍රකාශ කර සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනයට පක්ෂපාති වෙමින් තමන් ගෙන් කරුණු සැඟවූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් විසින් එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානයේ (CDC) සේවකයින් 15 දෙනෙක් පමණ ඉකුත් ජනවාරි මාසයේ සිට සිය සංවිධානයට අනියුක්ත කර ඇති බව පැවසූ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම නිලධාරින්ට අමතරව තවත් අමෙරිකානු නිලධාරින් දෙදෙනෙක් දීර්ඝ කාලීනව සිය සංවිධානයට අනියුක්තව සේවය කරන බව මෙහිදී සඳහන් කර සිටියා.

මේ වන විට ලොවපුරා පුද්ගලයින් 170,000 කට ආසන්න පිරිසකගේ දිවි අහිමි කළ වෛරසයේ ආරම්භයේ පටන් ලෝක සංවිධානය එහි අනතුරුදායක කම සම්බන්ධයෙන් අනතුරු අඟවා සිටිය බවට ඔහු කියා සිටියා.

" අප සියලු දෙනා එක්ව සටන් කළ යුතු යක්ෂයෙක් බවට අප මුල සිටම අනතුරු අඟවා සිටියා.

ජාතීන් හා දේශපාලනීය බෙදීම් වසංගතයේ බලාපොරොත්තු ඉටුකර ගැනීම වේගවත් කරන බව" මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මතක් කර සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ චීනයට පක්ෂපාති වූ බව කියමින් එම සංවිධානයට වාර්ෂිකව ලබා දෙන අමෙරිකානු ඩොලර් මිලියන 500ක් වූ ආධාර අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරනු ලැබුවේ ඉකුත් සතියේදීය.