Tuesday, May 7, 2024

General line - 0115112241

ඉන්දීය ජනාධිපති නිල නිවසේ සේවකයෙක්ට කොරෝනා : 100 දෙනෙක් ස්වයං නිරෝධායනයට




ඉන්දියාවේ ජනාධිපති නිල නිවස වන රාෂ්ටපති භවන් හි සේවය කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙක් පමණ මේ වන විට ස්වයං නිරෝධයනයකට ලක් කොට තිබෙනවා.

ඒ එහි සේවය කරනු ලබන කම්කරුවෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බව මිට දින 04කට පෙර තහවුරු වීමත් සමගයි.

මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කොට ඇති පුද්ගලයි සියලු දෙනා දිල්ලියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට යොමු කොට ඇත.

මෙලෙස නිරෝධායනය සඳහා යවනු ලැබූ පිරිසට කොරෝනා වෛරසය වැලදී ඇති බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ වන විට සමස්ත ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාධිත වූ සංඛ්‍යාව 18,601ක් වන අතර මරණ සංඛ්‍යාව 590ක් වනවා.