Monday, April 29, 2024

General line - 0115112241

කුඩා දරුවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ කටයුතු නැවත ඇරඹේ




කුඩා දරුවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ කටයුතු මේ වනවිට නැවත ආරම්භ කර ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස් අනුව අදාළ වයස් කාණ්ඩ සම්පූර්ණ කළ දරුවන්ට එන්නත් ලබාදීම සඳහා මේ වනවිට දින ලබා දී ඇති බවයි. 

එහිදී "මේ එන්නත් ලබා දීමෙන් අනතුරුව දරුවන්ගේ ශරීර උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කොරෝනා අවධානමත් නිසා එන්නත් ලබාදීම නවත්වා තිබුණා. නමුත් දැන් මේ එන්නත් ලබා දීම නැවත ආරම්භ කර තිබෙනවා. ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල පමණක් එන්නත විදින්න එපා කියලා පැහැදිළි කරලා තියෙනවා. සෙසු ප්‍රදේශවල බාධාවක් නෑ." යනුවෙන් සඳහන් කළා.

ලබා දී ඇති දිනය තුළ නියමිත වේලාවටම පැමිණ දරුවන්ට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලට සහය දක්වන ලෙස අදාළ මව්පියන්ගෙන් ඉල්ලා සිටින බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.