Wednesday, May 8, 2024

General line - 0115112241

පාකිස්ථාන අගමැතිටත් වෛද්‍ය පරීක්ෂණයක් : කොරෝනා වැලදුනු දානපතියෙක් මුණ ගැසිලා




පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කොරෝනා වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර ගැනීමට නියමිතව ඇති බව වාර්තා වනවා. ඒ අගමැතිවරයා ඉකුත් සතියේදී මුණ ගැසුණු එරට දානපතියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගයි.

පාකිස්ථාන අගමැතිවරයාගේ පුද්ගලික වෛද්‍යවරයා මෙන්ම කොරෝනා වෛරසය සම්බන්ධ උපදේශකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ෆයිසාල් සුල්තාන් සඳහන් කලේ අගමැතිවරයාව පරීක්ෂණයට ලක් කොට ඉන් ලැබෙන ප්‍රථිපල අනුව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

ෆයිසාල් එඩි නම් එම දානපතියාට කොරෝනා වෛරසය වැලදී ඇති බව ඊයේ තහවුරු වූ අතර ඔහු සහ අගමැතිවරයා අතර හමුවක් මීට දින 06 කට පෙර සිදුව තිබෙනවා.