Friday, March 29, 2024

General line - 0115112241

ලන්ඩන් සිට 207ක් රැගෙන එයි (PHOTOS)

ටී කේ ජී කපිල




ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ ලන්ඩන් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද (04) අලුයම පැමිණියා.

මෙම සිසුන් ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට අද දින අලුයම 3.30 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම සිසුන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජ හරණය කිරීමෙන් පසු, ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් බස් රථ මගින් පිරිස නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කළා.

මේ අතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට  රැගෙන ඒම සදහා තවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියා.