Thursday, April 25, 2024

General line - 0115112241

ලංකාවේ වේග පන්දු යවන්නන්ට බරපතලයි – කෝඩුකාර විශ්ව ආපු හේතුව මෙන්න




ශ්‍රී ලංකාව වෙනුවෙන් වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු සහ ඕස්ට්‍රේලියාවේ ජෝන් හොලන්ඩ් අද(4)පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වර්ණ දිනා ගනු ලැබුවා.

විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ටෙස්ට් වරම් දිනා ගත් 137වන ක්‍රීඩකයා වන අතර ඕස්ට්‍රේලියාවේ ජෝන් හොලන්ඩ් එරට ටෙස්ට් වරම් දිනාගත් 444වන ක්‍රීඩකයා ලෙස සැලකෙනවා.

විශ්ව ප්‍රනාන්දු අවස්ථා කිහිපයකදීම ටෙස්ට් සංචිතයට ඇතුළත් වූ නමුත් තවමත් ටෙස්ට් වරම් නොලත් ක්‍රීඩකයෙකි.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි විශ්ව ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමග තරග කිහිපයකටම සහභාගි වී ඇති අතර පළමු පෙළ තරග 44 කදී දවාගෙන ඇත්තේ කඩුලු 127 ක් පමණයි.

නුවන් ප්‍රදීප් කලව පිටුපස මස්පිඬුව ආබාධයකට ලක්ව සිටීම නිසා විශ්ව ප්‍රනාන්දු අද තරගයට ඇතුළත් කර තිබෙනවා.

වේග පන්දු යවන්නන් ආබාධිත තත්ත්වයට ලක්වීම නිසා ශ්‍රී ලංකාව විශාල අර්බුධයකට ලක්ව සිටින අතර එය විශ්ව ප්‍රනාන්දු කැඳවීමෙන් වඩාත් තහවුරු වන බවයි කණ්ඩායම් ආරංචි මාර්ග පවසන්නේ.

v