Friday, May 10, 2024

General line - 0115112241

රාජිත ගැන අධිකරණය CIDයට දුන් නියෝගය




හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13) නියෝග කළා.

ඒ, සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කරමින් කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට අද නියෝග කළා.   

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ප්‍රධානය කිරීමට නිකුත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කරමින්.