Saturday, May 4, 2024

General line - 0115112241

තවත් කොරෝනා රෝගීන් 08ක් වාර්තා වේ 




නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 957ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ අද (16) රාත්‍රී 11.30 වන විට රෝගීන් 22ක් වාර්තා වූ බවයි.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 428ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 520ක් වනවා.

.....................................................................

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 949 දක්වා ඉහලට

(16-05-2020 20:43)

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 949 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (16) දිනයේ රාත්‍රී 8.00 වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 14 දෙනෙක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.

මෙම රෝගීන් ගෙන් 12 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් වන බවත් අනෙක් රෝගීන් දෙදෙනා නිරෝධයන මධ්‍යස්ථානවල සිටින අයවලුන් බවයි වාර්තා වන්නේ.

මේ වන විට කොරෝනා ආසාධනය වී රෝහල් ගත කර සිටින රෝගීන් සංඛ්‍යාව 420ක් වන අතර සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති සංඛ්‍යාව 520ක් වනවා.