Saturday, May 4, 2024

General line - 0115112241

අද දිනයේ පොලිසිය දැඩිව ක්‍රියා කරන බව දැනුම් දෙයි




දිවයින පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන අද (17) දිනයේ ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. ඇඳිරි නීතිය 100%ක්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බැවින් ඊට අනුගත නොවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත් සඳහන් කළා.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවුණේ ඊයේ (16) රාතී‍්‍ර 08.00 සිටයි. කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය හෙට (18) අළුයම 05.00 ට ඉවත් කෙරෙනවා.

එම දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය එළඹෙන සෙනසුරාදා දක්වා කි‍්‍රයාත්මක වනුයේ රාතී‍්‍ර 8.00 සිට අලූයම 5.00 දක්වා කාලයේදීයි.

කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු තවදුරටත් කි‍්‍රයාත්මකයි.

මේ අතර  සමස්ථ දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන අද (17) දිනයේදී දිවයින පුරා පිහිටි සියලූ සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ සෙසු ප‍්‍රදේශවල මෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවලට ද මෙම නියෝගය බලපැවැත්වෙන බවයි. 

මේ අතර හෙට (18) දින යළි විවෘත කිරීමට අවසර ලැබෙනුයේ ඉකුත් සෙනසුරාදා විවෘත කිරීමට අවසර දෙන ලද සුරාබදු බලපත‍්‍ර ලත් ස්ථාන පමණයි. ඒ අනුව කොළඹ හා ගම්පහ පරිපාලන දිස්ත‍්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත‍්‍රික්කවල බලපත‍්‍රලත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට ද අවසර හිමිවන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කෙසේවෙතත්, කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවල මත්පැන් අලෙවිය තවදුරටත් සුපිරි වෙළඳසැල් සඳහා පමණක් සීමා වනු ඇති.