Sunday, May 5, 2024

General line - 0115112241

හෝටල් සහ තේ කඩ විවෘත කිරීමට පෙර පැහැදිළි කිරීමක්




සෞඛ්‍ය උපදෙස් ඇතුළත් නීති පද්ධතියකට අනුගතව හෝටල් සහ තේ කඩ විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.

පුද්ගල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ හැකි නම් පමණක් හෝටල් සහ තේ කඩ විවෘත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැකසිය හැකි බවයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ.

එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මේ බව කියා සිටියා. 

කෙසේවෙතත් දැඩි පරීක්ෂා කිරීමකින් අනතුරුව හෝටල් සහ තේ කඩ විවෘත කිරීම සඳහා අවධානය යොමු කළ හැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.