Sunday, May 5, 2024

General line - 0115112241

නිරෝධායන මධ්‍යස්ථානවල පිරිස 3120ක් දක්වා අඩු වෙයි




නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට සිටින පුද්ගලයින් සංඛ්‍යාව 3,120 දෙනෙකු දක්වා අඩුවී ඇතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 9,381 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර එම මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ. 

මේ අතර මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිත බව ද යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා. 

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 960 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 520 ක්.