Sunday, May 5, 2024

General line - 0115112241

ඩෙංගු අවදානම් ප‍්‍රදේශවල නිවාස පරීක්ෂා කිරීම් ඇරඹේ




පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය පැතිර යාමේ වැඩි අවධානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඩෙංගු අවදානම් ප‍්‍රදේශවල නිවාස පරීක්ෂා කිරීම් ඇතුළු ඩෙංගු මර්ධන කටයුතු රැසක් ඉදිරියේදී ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇති බවයි එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ලබාදෙන සහය ඩෙංගු මර්ධනය සඳහා ද ලබාදෙන ලෙසයි සෞඛ්‍ය අංශ මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

ඉකුත් අපේ‍්‍රල් මාසයේදී පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 413 ක්. මෙම වසරේ ගතවූ මාස 04 දී ඩෙංගු රෝගීන් 18,977 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ඉකුත් වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් එක්ලක්ෂ 5,049 දෙනෙකු වාර්තා වුණා.