Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා ආපදාව හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 39,983ක් ශ්‍රී ලංකාවට එන්න ඉල්ලයි




විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් 38,983 දෙනෙකු දිවයිනට පැමිණීම සඳහා ඉල්ලූම් කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසනවා. 

රටවල් 143 ක වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් එලෙස ඉල්ලූම් කර ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ. එලෙස දිවයිනට පැමිණීම සඳහා ඉල්ලූම් කළ පිරිස අතර සිසුන් 3,078 දෙනෙකු ද වනවා. 

විදෙස් ගත ශ‍්‍රමිකයින් 27,854 දෙනෙකු සහ කෙටි කාලීන වීසා මත විදෙස්ගත වූ පුද්ගලයින් 4,040 දෙනෙකු ද, දිවයිනට පැමිණීම සඳහා ඉල්ලූම් කළ බවයි විදේශ සබඳතා අමාත්‍යංශය පැවසුවේ. 

එම අමාත්‍යංශය හඳුන්වාදුන් ‘‘Contact Sri Lank’’ වෙබ් අඩවිය ඔස්සේ දිවයිනට පැමිණීම සඳහා විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් 78,033 දෙනෙකු ලියාපදිංචි වී සිටියා. 

අවශ්‍යතා සලකා බැලීමෙන් පසු ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බවයි විදේශ සබඳතා අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඉදිරි දින කිහිපයේදී ද, විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකිකයින්, ගුවන් මගින් දිවයිනට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවයි.