Sunday, April 28, 2024

General line - 0115112241

කොරෝනා බෙහෙත් බොන අමෙරිකන් ජනපති (VIDEO)




කොරෝනා වෛරසයට ගොදුරු වුවන් සඳහා ලබා දෙන hydroxychloroquine ඖෂධය ඉකුත් සති දෙකක කාලය සිට තමන් ද භාවිත කිරිමට ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා.

73 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මැලේරියා රෝගයට එරෙහි නිපදවූ මෙම hydroxychloroquine ඖෂධය අමෙරිකාව විසින් කොරෝනා ආසාධිත රෝගින්ටද ලබාදීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම ඖෂධය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් භාවිතා කිරිමට ආරම්භ කලේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.